Development Story

හත්වන විධායක ජනාධිපති වරයා වැඩ භාරගනී.

මෙරට හත්වන විධායක ජනාධිපති වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමේ උත්සවය අද දින සිදුකළා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුකළා. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත්කොට තිබෙනවා.

Development Story

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරයා වශයෙන් තේරී පත් වෙයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 50 % කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේවෙතත් අවසන් ප්‍රතිඵල මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර සියලුම අපේක්ෂකයන් අද පස්වරු 4 ට පමණ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා. මේ අතර හෙට දිනයේ ජනාධිපති ධූරයේ දිවුරැම් දීම ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට දී සිදු […]

News

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවයි.

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවා ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් පවසනවා. ඒ අනුව උදෑසන 11.30. පමණ වන විට කුරැණෑගල සහ ගම්පහ ,මොනරාගල, හම්බන්තොට සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතය 50% ඉකමවා තිබෙනවා. අද පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

Development Story

පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි.

යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේය. ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.  එමෙන්ම ඇතැම් […]

Inside Politics Local News News

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනිද්දා මධ්‍යම ‍රාත්‍රියෙන් අවසන් වේ.

ජනාධිපතිවරණයට අදාළව සිදුකෙරෙණ ප්‍රචාරණ කටයුතු ලබන බදාදා (13) දිනයේ අවසන් වීමට නියමිතයි. ඒ අනුව අදාළ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බවත් එම කොමිෂන් […]

Local News News

ෆේස් බුක් සාදයේ තරුණ තරුණියන් 30 ක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට .

මීගොඩ කම්පෙයාර්හේන ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අද අළුයම අදාළ ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 21දෙනෙකු සහ තරුණියන් 09 දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය […]

Inside Politics Local News News

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3319 ක්.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ගතවු මාසයක කාලය තුළ දී පැමිණිලි 3319ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 3189ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 25ක් සහ වෙනත් පැමිණිලි 105ක් ඒ අතර වන බවයි එම කොමිසම පැවසුවේ.  ඊයේ පස්වරු 04.00න් අවසන් වු පැය 24ක කාලය තුළ පමණක් ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි  105ක් […]

Uncategorized

තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට.

එළඹෙන ජනාධිපතිවරණයේදී තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම පක්ෂය පවසනවා. ඊයේ දිනයේ රැස්වූ ආර්.සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් විසින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කරමින් මේ බව ප්‍රකාශ කළා.

Inside Politics Local News News

හකීම් යුරෝපියාට මෙසේ කියයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ හිටපු සංවිධාන සාමාජිකයන් මෙවර හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයින්ට තර්ජන කර ප්‍රචණ්ඩත්ව ඇති කිරීම වැනි දේ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි යන අවධානමක් පවතින බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය යුරෝපියා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් […]

Inside Politics Local News News

සජිත් ජනපති වූවොත් අගමැති තමන් බව රනිල් කියයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරණ බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන නියෝජිතයන් පිරිසක් සමග අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.