News Uncategorized

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති අතර දේහය අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය.

Uncategorized

තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට.

එළඹෙන ජනාධිපතිවරණයේදී තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම පක්ෂය පවසනවා. ඊයේ දිනයේ රැස්වූ ආර්.සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් විසින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කරමින් මේ බව ප්‍රකාශ කළා.

Uncategorized

ඡන්දය ප්‍රකාශ කිරීමට දී තිබූ කාළය පැයකින් දීර්ඝ කරයි.

මැතිවරණ වලදී ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාළය පැයකින් දීර්ඝ කිරීමට තීරණය කොට තිබෙනවා. අද උදෑසන මැතිවරණ කොමිසම විසින් පක්ෂ නියෝජිතයන් සමග කැදවා තිබූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම ඇතුළු කරැණු කිහිපයක් පිළිබඳව සළකා බලා අදාළ තීරණය ගත් බව මැතිවරණ කොමිසම පවසනවා.

Local News News Uncategorized

නීතිය නොතැකූ ධීවරයෝ මට්ටු.

නැගෙනහිර නාවික විදානයට අනුයුක්ත නිළදාරීන් කණ්ඩායමක් විසින් ත්‍රිකුණාමලය සූදිකුඩා ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මසුන් මැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය භාවිතා කර ඇති අතර ධිවරයින් සතුව තිබු මත්ස්‍යයින් කිලෝග්‍රැම් 1354ක්, ඩිංගි යාත්‍රා 02ක් හා ධිවර උපකරණද නාවික හමුදා නිළධාරීන් භාරයට ගෙන තිබේ. මූතුර් ධීවර පරීක්ෂක […]

Inside Politics News Uncategorized

සජිත් ගේ මංගල රැළිය අද ගාලුමුවදොර පිටියේදී .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන පලමු රැළිය අද දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. එම රැළිය සදහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ වල සාමාජිකයන්ද සහභාගි වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළා.

Local News News Uncategorized

අක්කරපනහ සමෘද්ධිගම ජලයෙන් යට වෙයි.

ඊයේ දිනය පුරා වැටුණු වර්ෂාව හේතුවෙන් මීගමුවට ආසන්නව කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පිහිටි අක්කරපනහ සමෘද්ධිගම ජලයෙන් යටවී ඇත. තවමත් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා තව දුරටත් මෙම තත්වය වැඩිවිය හැකි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ තමන්ට කිසිදු පුද්ගලයෙකුගේ හෝ ආයතනයකින් උපකාරයක්‌, ආධාරයක් නොලැබුණු බවය. මේ අතරම මීගමුව දිවුලපිටිය මාර්ගය ජලයෙන් යටවීම නිසාවෙන් එහි ගමන් ගන්නා වාහන […]

Local News News Uncategorized

හිටපු මන්ත්‍රීගේ කේරළේ ගංජා දකුණේ දී මාට්ටු.

සුඛෝපභෝගී කැබ් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන පුද්ගලයෙකු සහ ඔහුගේ රියැදුරු හම්බන්තොට පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත. කේරළ ගංජා බෙදාහැරීමට කැබ් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී සාමෝදගම පෙදෙස තුලදී ඔහු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින්ට අසුවී ඇතැයි වාර්තා වේ. මෙම මන්ත්‍රී වරයා තංගල්ල […]

Judicial News Local News News Uncategorized

කංජිපානී ඉම්රාන් ලබන 09 වැනිදා යළි අධිකරණය හමුවට

දැනට සිරදඬුවම් නියම වී සිටින කංජිපානි ඉම්රාන් ලබන 09 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අද බන්ධනාගාර කොමසාරිස්වරයාට නියම කර තිබෙනවා. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළේ කෙසෙල්වත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු යැයි කියන […]

Local News News Uncategorized

කන්ජිපානීගේ අපෑල.

ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පාතාල කල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තමන්ට නියමවී ඇති වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මගින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් පවසා එම චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව […]

Uncategorized

අත්අඩංගුවට ගත් කඩු ආපසු බෙදූ වැල්ලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිට වැඩ වරදී.

වැල්ලබඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා නුවර පෙරහැර මංගල්‍යයේ රාජකාරිවල නිරතව සිටි අවස්ථාවේ දී එම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති වරයා විසින් පොලිස් භාරයට ගෙන තිබූ කඩු ඇතුළු ආයුධ තොගයක් ආපසු බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සේවය අත් හිටුවා තිබෙනවා. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර සොයාගණු ලැබූ මෙම ආයුධ තොගය අතර කඩු සහ මන්නා […]