සිය ෆේස් බුක් ගිණුම හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් විඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ මවුලවිවරයෙකු ඇපමත මුදාහැරීමට වව්නියාව මහාධිකරණය ඊයේ (23) නියෝග කර ඇත. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව විදේශයක සිටිමින් එම්.මුනවුජිත් මවුලවි නමැති මෙම සැකකරු විසින් පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් මුස්ලිම් ජනතාවගේ නැගී සිටීම සාධාරණය කරමින් පසුගිය මැයි මාසයේදී ෆේස්බුක් හරහා […]
Judicial News
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් වරුන්ට ඇප.
සඳ හිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට සමාධි බුදු පිළිමයක් සඳහා රේගුවේ තිබූ රත්රන් කිලෝග්‍රෑම් 8ක් ලබාදුන් සිද්දියේ විත්තිකරුවන් වන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ එවක සිටි අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. ඔවුන් […]
ගෝඨාභය රාජපක්ෂ මහතා ට එරෙහි නඩු විභාගය වළක්වාලමින් ලබා දී තිබූ අතුරුතහනම දීර්ඝ වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණා.
පොලිස්පති පූජිත සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි රිමාන්ඩ්.
පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය මහ අධිකරණය විසින් අද දින බලරහිත කළා. ඒ පසුගිය පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පොලිස්පති වරයා සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා ඇප මත මුදාහරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා […]
ගෝඨාභයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි.
පසුගිය රජයේ සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීරණය කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු ත්රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට […]
ජනාධිපතිවරණය නොපවත්වන ලෙසට ගොණුකළ පෙත්සම ප්‍රතික්ෂේපයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරණ ලෙස ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගොණුකළ පෙත්සම ශ්‍රේෂ්ටාධිකරණය විසින් විභාගයට නොගෙනම අද දින ප්‍රතික්ෂේප කර තිබෙනවා. පෙත්සම්කරැ විසින් ඊයේ දිනයේ දී මෙම පෙත්සම ගොණුකළා.
ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අවලංගු කරණ ලෙස ඉල්ලා ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක්.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ ගැසට් නිවේදනය බල රහිත කරණ ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසින් ශ්‍රේෂ්ටාධිකරණයට අද (3) දින පෙත්සමක් ගොණුකළා. වර්තමාන ජනාධිපතිවරයා තේරී පත්වී ඇත්තේ වසර 06 ක ධූර කාලයකට බවත් මැතිවරණ කොමිසම විසින් නීතීවිරෝධී ආකාරයට ජනාධිපතිවරණය කැදවා ඇති බවත් පෙත්සම් කරුවන් සදහන් කරණවා . එබැවින් එම ගැසට් […]
ගෝඨාභයට රට යන්න අවසර.
හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වන දා සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර […]
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකෙරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ගොණුකළ පෙත්සම් විභාගයට අවසර.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් […]
පොලිස්පතිට ඇප.
පොලිස් මූලස්ථානයේ විදුලිය සෝපානයේ දී විදුලි සෝපාන ක්‍රියාකරුට බැණ තර්ජනය කර පහර දීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කලා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට […]