News Uncategorized

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති අතර දේහය අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය.

News

හෙට රාත්‍රීයේ සිට පවතින වැසි තත්වයේ වර්ධනයක් .

උතුරු, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට රාත්‍රි කාලයේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විශේෂයෙන් ලබන 04 සහ 05 යන දිනවල වර්ෂාව වර්ධනය විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරණවා. තද වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑම්, […]

News

පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය කොට තිබෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව අද ((02) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන වන අතර එය යළි 2020 ජනවාරි මස 03 වන දින රැස්වීමට නියමිතයි.

News

උතුරු දුම්‍රිය මාර්ගයේ ගමනාගමණයට බාධා.

ඊයේ දිනයේදී දිනයේදී යාල්දේවී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතු තාවකාලිකව නැවතී තිබෙනවා . යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබු යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතරදී ඊයේ දහවල් මෙසේ පීලි පැනීමට ලක් වී තිබෙනවා . මෙම අනතුරින් දුම්රිය මැදිරි පහක් පිළිපැනීමට ලක්වී ඇති බවත් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි […]

News

ජනාධිපතිවරයා අද දින ඉන්දියාව බලා පිටත්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගමන් කරනවා .ඒ අනුව ජනාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසු සිය ප්‍රථම නිළ විදෙස් සංචාරය වශයෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයට පෙර ඉන්දීය අගමැති අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද නිළ ආරාධනයක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබුවා .

News

ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරණ බවට අගමැතිගෙන් ප්‍රකාශයක් .

පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව නව රජයේ වැඩ කටයුතු ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුළුතර ආණ්ඩුවක් ලෙස සහයෝගයෙන් ඉදිරි මාස තුනක කාලය ආණ්ඩුව පවත්වාගෙන යන බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය. කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමේ දී […]

News

නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිවුරැම් දෙයි.

නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දිවුරැම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඒ මහතා අදාළ දිවුරැම් දීම සිදු කර තිබෙනවා.

News

මෙවර මැතිවරණයෙන් ජ.වී.පෙ නායක අනුර කුමාරගේත් ඇප මුදල් රාජසන්තක වෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ.  ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99%) යන […]

News

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවයි.

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවා ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් පවසනවා. ඒ අනුව උදෑසන 11.30. පමණ වන විට කුරැණෑගල සහ ගම්පහ ,මොනරාගල, හම්බන්තොට සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතය 50% ඉකමවා තිබෙනවා. අද පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

Inside Politics Local News News

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනිද්දා මධ්‍යම ‍රාත්‍රියෙන් අවසන් වේ.

ජනාධිපතිවරණයට අදාළව සිදුකෙරෙණ ප්‍රචාරණ කටයුතු ලබන බදාදා (13) දිනයේ අවසන් වීමට නියමිතයි. ඒ අනුව අදාළ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බවත් එම කොමිෂන් […]