Inside Story Local News

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙටදිනයේ වසා දැමේ.

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ වසා දැමීමට කටයුතු කර ඇති බව දකුණු පලාත් ආණ්ඩුකාරවරයා නිවේදනය කරණවා . ඒ අනුව හෙටදිනයේදී සියලුම රජයේ පාසල් වසා දැමීමට කටයුතු කොට තිබෙනවා.

Development Story Inside Story

රාජ්‍ය සේවය ලෙඩ වීමෙන් මහජනයා අපහසුතාවයට.

රාජ්‍ය නිළධාරීන් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සියලු රාජ්‍ය ආයතනවල කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. අද දිනයේ රාජ්‍ය නිළධාරීන් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමට  ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවලින් තම රාජකාරී කටයුතු සඳහා රාජ්‍ය ආයතන වෙත පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. මෙම වර්ජන ක්‍රියා මාර්ගයට එරෙහිව […]

Inside Story

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකයන් හෙට රැස්වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් හෙට (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පස්වරු 3.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම කාරක සභාව පැවැත්වීමට නියමිත බව එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය . විශේෂයෙන්ම හෙට දිනයේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට […]

Inside Story Local News News

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයට අතුරු පෙත්සමක්.

පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව විමසමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ටාධිකරණයට යොමුකර ඇති ඉල්ලීමට අදාළව මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සිරිසේන දොලවත්ත මහතා පෙත්සම ඉදිරිපත් කර ඇත.අද දිනයේ ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් සඳහන් කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනයක් ලබා දෙන්නේ නම් සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් […]

Inside Story

විශ්වවිද්‍යාල සේවකයන් වර්ජනයක..

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩලය අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබේ. වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බවත් දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල වල සේවකයින් මෙම වැඩ වර්ජනයට සභභාගී වන බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සදහන් […]

Inside Story

අභියාචනාධිකරණය එංගලන්තයෙන් ආනයනය කළ කැළි කසල තොගයේ රස පරීක්ෂක වාර්තාවක් කැදවයි.

කොළඹ වරාය සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාප අංගන වල පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව කියන කන්ටේනර වල අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද රජයේ රස පරීක්ෂක වරයාට නියම කළා. විදේශවල සිට ශ්‍රී ලංකාවට කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ වැඩ පිළිවෙලක් සකසන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් […]

Inside Story

විනිසුරැවෙක් විත්තිකාරයෙක් කළ “සකුරා” අගෝස්තු 30 වනදා සිට..

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට අගෝස්තු මස 30 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නොතිසි […]

Inside Story

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටු වනවා – මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටු වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තුන්මසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබු ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් […]

Inside Story

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා බාර දෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට  දෙනෙකුට අද අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූවා. එහිදී නඩුවේ පළමුවන විත්තිකරු […]

Inside Story

ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු අද(18) ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.