News Uncategorized

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති අතර දේහය අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය.

Development Story

සිතුවම් වලින් අලංකාර වන ලංකාව.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ලංකාවේ නගර රැසක ස්ථාන බොහෝමයක් සිතුවම්වලින් අලංකාර වෙමින් පවතිනවා. ඒ අනුව විවිධ ස්ථාන රැසක තාප්ප පිරිසිදු කොට ඒ මත ඇදි සිතුවම් වල සේයාරූ මේ දින වල සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය දැකිය හැකියි. මෙලෙස අද වන විට සිතුවම්වලින් අලංකාර වෙමින් විවිධ පාර්ශ්ව විසින් මෙතෙක් කල් දැන්වීම්වලින් අපවිත්‍ර කළ තාප්ප මත මේ […]

News

හෙට රාත්‍රීයේ සිට පවතින වැසි තත්වයේ වර්ධනයක් .

උතුරු, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට රාත්‍රි කාලයේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විශේෂයෙන් ලබන 04 සහ 05 යන දිනවල වර්ෂාව වර්ධනය විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරණවා. තද වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑම්, […]

News

පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය කොට තිබෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව අද ((02) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන වන අතර එය යළි 2020 ජනවාරි මස 03 වන දින රැස්වීමට නියමිතයි.