Development Story

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතයි.

ඊයෙ දිනේ සිට පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව වාර්තාවනවා . ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කිසිදු මාධ්‍ය නිවේදනයක් ඊයේ දිනයේ සිට මාධ්‍ය වෙත මුදා හැරීම නතර කර තිබෙනවා . මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල ජංගම දුරකතනයද ක්‍රියා විරහිත කොට තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථාවර දුරකථන අංකයන් ද […]

News

උතුරු දුම්‍රිය මාර්ගයේ ගමනාගමණයට බාධා.

ඊයේ දිනයේදී දිනයේදී යාල්දේවී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතු තාවකාලිකව නැවතී තිබෙනවා . යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබු යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතරදී ඊයේ දහවල් මෙසේ පීලි පැනීමට ලක් වී තිබෙනවා . මෙම අනතුරින් දුම්රිය මැදිරි පහක් පිළිපැනීමට ලක්වී ඇති බවත් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි […]

News

ජනාධිපතිවරයා අද දින ඉන්දියාව බලා පිටත්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගමන් කරනවා .ඒ අනුව ජනාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසු සිය ප්‍රථම නිළ විදෙස් සංචාරය වශයෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයට පෙර ඉන්දීය අගමැති අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද නිළ ආරාධනයක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබුවා .

News

ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරණ බවට අගමැතිගෙන් ප්‍රකාශයක් .

පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව නව රජයේ වැඩ කටයුතු ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුළුතර ආණ්ඩුවක් ලෙස සහයෝගයෙන් ඉදිරි මාස තුනක කාලය ආණ්ඩුව පවත්වාගෙන යන බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය. කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමේ දී […]

News

නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිවුරැම් දෙයි.

නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දිවුරැම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඒ මහතා අදාළ දිවුරැම් දීම සිදු කර තිබෙනවා.

News

මෙවර මැතිවරණයෙන් ජ.වී.පෙ නායක අනුර කුමාරගේත් ඇප මුදල් රාජසන්තක වෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ.  ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99%) යන […]

Development Story

හත්වන විධායක ජනාධිපති වරයා වැඩ භාරගනී.

මෙරට හත්වන විධායක ජනාධිපති වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමේ උත්සවය අද දින සිදුකළා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුකළා. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත්කොට තිබෙනවා.

Development Story

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරයා වශයෙන් තේරී පත් වෙයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 50 % කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේවෙතත් අවසන් ප්‍රතිඵල මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර සියලුම අපේක්ෂකයන් අද පස්වරු 4 ට පමණ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා. මේ අතර හෙට දිනයේ ජනාධිපති ධූරයේ දිවුරැම් දීම ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට දී සිදු […]

News

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවයි.

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වන විට 50% ඉකමවා ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් පවසනවා. ඒ අනුව උදෑසන 11.30. පමණ වන විට කුරැණෑගල සහ ගම්පහ ,මොනරාගල, හම්බන්තොට සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතය 50% ඉකමවා තිබෙනවා. අද පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

Development Story

පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි.

යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේය. ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.  එමෙන්ම ඇතැම් […]