Inside Politics Local News News

හකීම් යුරෝපියාට මෙසේ කියයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ හිටපු සංවිධාන සාමාජිකයන් මෙවර හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයින්ට තර්ජන කර ප්‍රචණ්ඩත්ව ඇති කිරීම වැනි දේ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි යන අවධානමක් පවතින බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය යුරෝපියා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් […]

Inside Politics Local News News

සජිත් ජනපති වූවොත් අගමැති තමන් බව රනිල් කියයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරණ බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන නියෝජිතයන් පිරිසක් සමග අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

Local News News

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හෙට සහ අනිද්දා.

එළඹෙන ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිම හෙට දිනයේදී (31) ආරම්භ වේ. රාජ්‍ය ආයතන වල සහ හමුදාවන් ගේ නියුතු සේවකයින්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරිම හෙට සහ අනිද්දා (01) දිනයේ සිදු කිරිමට නියමිතයි. අනෙකුත් ආයතන වන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 […]

Local News News

මිනිස් අස්ථි කොටස් සොයා සිව්වන දිනටත් පුදුකුඩි ඉරිප්පු ඉඩමක කැණීම්.

කැනීම් කටයුතු සිදුකළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කොට ඇත. මේ අනුව සිව්වන දිනටත් අද (30) දිනයේ කැනීම් කටයුතු සිදුකරන අතර,අදාළ ප්‍ර‍දේශය තුළ අස්ථි කොටස් කිහිපයක් මතුපිටට පෙනෙන්නට ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පවසනවා. ඉඩම් හිමිකරැ සිය ඉඩම වගාවන් වෙනුවෙන් සකස් කිරීමේදී අදාළ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් […]

Inside Politics Local News News

පාර්ලිමේන්තු මංත්‍රී වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා තිබෙනවා. මීට අමතරව ඔහු දැරූ අමාත්‍ය ධුරයෙන්ද සේනානායක මහතා ඉවත් කළ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෙසේ වෙතත් වසන්ත සේනානායක මහතා මීට පෙර සජිත් පේමදාස මහතාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුරූන්ද යන්න හෙළි කරණ මෙන් ඉල්ලා සිටියා.

Inside Story Local News

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙටදිනයේ වසා දැමේ.

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ වසා දැමීමට කටයුතු කර ඇති බව දකුණු පලාත් ආණ්ඩුකාරවරයා නිවේදනය කරණවා . ඒ අනුව හෙටදිනයේදී සියලුම රජයේ පාසල් වසා දැමීමට කටයුතු කොට තිබෙනවා.

Uncategorized

ඡන්දය ප්‍රකාශ කිරීමට දී තිබූ කාළය පැයකින් දීර්ඝ කරයි.

මැතිවරණ වලදී ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාළය පැයකින් දීර්ඝ කිරීමට තීරණය කොට තිබෙනවා. අද උදෑසන මැතිවරණ කොමිසම විසින් පක්ෂ නියෝජිතයන් සමග කැදවා තිබූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම ඇතුළු කරැණු කිහිපයක් පිළිබඳව සළකා බලා අදාළ තීරණය ගත් බව මැතිවරණ කොමිසම පවසනවා.

Foreign News News

විකටයින්ගේ සමුළුවට ලංකාවෙන් නෑ.

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී විකටයින්ගේ සමුළුවක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. 24 වැනි වරට පැවැත්වූ එම සමුළුව විකටකයන්ට සහ එම විෂයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් මෙක්සිකානු රාජ්‍ය තුළ වාර්ෂිකව පවත්වනු ලබනවා. ෆෙයර් ඔෆ් ලාෆ් ලෙසින්  ප්‍රකට මෙම සමුළුව සංවිධානය කිරීමට මුල්වී කටයුතු කරන්නේ ලැටින් ක්ලවුන්ස්  සමාජයයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් […]

Local News News

මවක් දරුවන් සමග ලිදකට පැනීමෙන් දරු දෙදෙනා මියයයි.

වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ මවක් සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කටයුතු කර තිබෙනවා. වව්නියාව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සිද්ධියෙන් දරැදෙදෙනා පමණක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. වව්නියාව නෙඩුන්කේනි පඩ්ඩිකුඩිඉරිප්පු ප්‍රදේශ‍යේ පදිංචි මවක් මෙලෙස තම දරු දෙදෙනා ළිඳට දමා ඇයද සියදිවි නසා ගැනීමට කට‍යුතු කොට ඇති අතර අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස […]

Inside Politics Local News News

විජිත හේරත් මහතා කල චෝදනාව අසත්‍යයි.

පසුගිය 25 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ජාවකදි ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා කල චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවටත් පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් […]