Inside Politics News

සාකච්ඡා අසාර්ථකයි . දුම්රිය වර්ජනය අඛණ්ඩව .

වර්ජනවලට විසඳුම් ලබාදීම සදහා පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. වැටුප් ගැටලුවක් මුල්කර ගෙන පසුගිය 25 වන දින ආරම්භ කළ දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පස්වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණි. මේ හේතුවෙන් දුම්රිය සේවා තවමත් අඩාළව පවතින […]

Judicial News News

එ.ජා.ප පාර්ලිමේන්තු මංත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.

අන්සතු දේපළක් සාවද්‍ය ලෙස දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ජේ.ඒ. අනුර මහේන්ද්‍ර මහතාට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට නඩු පවරා තිබුණි .අදාළ නඩුව අද දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් […]

Inside Politics News

වර්ජන ගැන සොයන අමාත්‍ය මණ්ඩල අණු කමිටුවෙන් වෘත්තීය සමිති නායක‍යින්ට කැදවීමක්.

වැඩ වර්ජනයේ නිරත වෘත්තිය සමිති නායකයින් සහ අමාත්‍ය අනු කමිටු අතර රැස්වීමක් අද (30) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අවස්ථා කිහිපයකදී මෙම අමාත්‍ය අනු කමිටුව සහ වෘත්තීය සමිති අතර මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මේ අතර රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග අද දිනයේදීත් ක්‍රියාත්මක වේ. පසුගිය […]

Inside Politics Local News News

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරැන්ට කැදවීමක්.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සදහා එක්සත් ජාතික පක්ෂයේ සියළු සංවිධායකවරුන් අද (30) කොළඹට කැඳවා තිබේ. එම සාකච්ඡාව අද උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් […]

Inside Politics News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රැස්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද දිනයේ (30) පැවැත්වීමට නියමිතයි.පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම අද රාත්‍රියේ දී පැවැත් වීමට තීරණය කොට තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළා.

Local News News

නීතී විරෝධී ධීවර කටයුතු වල නිරත වූ ධීවරයන් පිරිසක් අත්අඩංගුවට .

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත. ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 21 ත් 60 […]

Local News News

හබරන මිය ගිය ඇතුන් සෙවීම අදත්.

හබරනදී මිය ගිය ඇතුන් සෙවීමේ මෙහෙයුම අදත් ක්‍රියාත්මක බව වාර්තාවේ. පසු ගියදා හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම, රක්ෂිතයේදී මියගිය ඇතින්නියන් සත් දෙනෙකුගේ සිරුරු හමුවූ අතර මියගිය තවත් ඇතුන් සොයා බැලීම මෙම මෙහෙයුමේ අරමුනයි. මේ අතර මියගිය ඇතුන් පිලිබඳ වගකීම රජය බාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පැවසීය. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කලේ යුද […]

Local News News

මියගිය ඇතින්නියන් හතකගේ සිරුරු සොයා ගැනේ.

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයක තිබී අද (28) දින තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති. මේ වන විට මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති. 27 වන දින වන විට වන අලින් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද දින අලුයම එක […]

Inside Politics News

පොහොට්ටුවේ නායකයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද .

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් […]

Inside Politics News

සවස හයට හදිසි කැබිනට හමුවක්.

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා විසින් අද සවස හයට කැබිනට හමුවක් කැඳවා තිබේ. සියලුම කැබිනට් අමාත්‍යවරුනට එයට සහබාගි වන ලෙස දන්වා ඇති බව වාර්තාවේ.